අමරණීය කවියක් වූ ඒ.ඉක්බාල්

 

ජෙගන් ගනේෂන්

වසර පනහකට අධික කාලයක් ලේඛනයෙහි නිතර වූ අයෙකු ලෙස කිවිවර ඒ.ඉක්බාල් හඳුන්වා දිය හැකියි. මෙරට සාහිත්‍යකරණයේ දී අමරණීය නාමක් ඔහු හිමිකරගෙන තිබේ. වසරේ 1938 පෙබරවාරි මස 11 වන දින අක්කරෛපත්තුව ප්‍රදේශයේ දී අදාම් ලෙබ්බේගේ සහ මුහුම්මදු තම්බි රෙහානත්තුම්මා යන යුවලගේ පුත්‍ර රත්නය ලෙස උපත ලැබුවේ ය. 

අක්කරෛපත්තුව ප්‍රදේශයේ පිහිටා තිබු ආර්.සී.එම් රෝමානු කතෝලික පාසලේ දී මුලික අධ්‍යාපනය ඔහු හැදැරූවේ ය. එම පාසලේ ක්‍රියාත්මක වු  ‘කලාවල්ලි’ නම් අත්අකුරුමය වාර ප්‍රකාශනයේ කතෘ ලෙස පත් වන විට ඔහුගේ වයස අවුරුදු 16 කි. ඉක්බාල්ගේ ලේඛන ජීවිතයේ ආරම්භ ලෙස මෙය සැලකිය හැකිය. 

1956 ගණන්වල දී ඉක්බාල්ගේ කවි, කෙටි කතා සහ ලිපි දෙමළ පුවත්පත් හි පළ විය. අට්ටාලච්චනෛහි පිහිටා තිබු ගුරු පාසලෙහි පුහුණුව ලබන අවස්ථාවේ දී, ලාංකේය ප්‍රගතිශීලි ලේඛක සංගමයේ ශාඛාවක් අක්කරෛපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ පෙර ගමන්කරු ලෙස කටයුතු කළේ ද, ඉක්බාල් ය. 

ඉක්බාල් විසින් තම පළමු ග්‍රන්ථය වන ‘මුස්ලම් කලෛසුඩර් මණිකල්’ නමැති  ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ වයස අවුරුදු 27 දී ය. 1969 දී මෞලානා රූමිගේ කවි කිහිපයක් දෙමළ බසට පරිවර්තනය කරමින්, ‘මෞලානා රූමියින් සින්දනෛගල්’ නමැති කාව්‍ය සංග්‍රහය ඔහුගේ දෙවන ග්‍රන්ථයයි. 

බාකීර් මාකර්

කිවිවර ඉක්බාල් හට ගරු නාමයන්, සම්මාන රැසක් හිමි කර දුන් ග්‍රන්ථය ලෙස ‘මරුමලර්ට්චි තන්දෛ’ හඳුන්වා දිය හැකිය. මෙය ග්‍රන්ථය මෙරට පළමු දෙමළ නවකතාව ලෙස සැලකෙන අසන්බේයුගේ කතාව ලබා දුන් සිද්දිලෙබ්බේ සම්බන්ධයෙන් රචනා කළ පර්යේෂණ කෘතියකි එය. ලාංකේය මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනයත්, අවබෝධයත්, උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් ක්‍රියාකල පුරෝගාමී විද්වතෙක් ලෙස මුහම්මද් කාසීම් සිද්දිලෙබ්බේ පිළිබඳ මෙම පර්යේෂණ කෘතියකි මෙය. මෙම කෘතිය වෙනුවෙන් 1972 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තේ ය.  ‘බාකීර් මාකර්’, ‘නම්බ මුඩියාද උන්මෛගල්’, ‘කල්වි ඌට්ටෘ කණ්ගලින් ඔන්ඩෘ’, ‘මාය තෝට්ට්‍රම්’, ‘පුදුමෛ’, ‘පිරසූරම් පෙරාද කවිදෛගල්’, ‘විත්තු’, ‘මෙයිමෛ’, සහ ‘ඒ. ඉක්බාලින් නූරු කවිදෛගල්’, ඇතුළු තවත් බොහෝ නිර්මාණයන් ඉක්බාල් ප්‍රකාශයට පත් කළේ ය.

ඉක්බාල් සිදු කරනු ලැබු සාහිත්‍යමය සේවාවන් අගයමින් බොහෝ සම්මාන සහ ගරු නම්බුනාමයන් පිරිනමන ලදි. තව ද  ‘මල්ලිගෛ’, ‘ඥානම්’, ‘පඩිගල්’ නමැති සාහිත්‍යමය සඟාර විසින් තම මුල් පිටුව ඉක්බාල් වෙනුවෙන් වෙන් කළ අවස්ථා රැසක් දැකගත හැකි ය. 

මොහුගේ සාහිත්‍යමය නිර්මාණ උසස් අධ්‍යාපන දරුවන් සඳහා නිර්දේශිත විෂය මාලාවන් සඳහා එක් කරන ලදි. විශ්වවිද්‍යාල සිසුන් තම පර්යේෂණ සඳහා ද ඉක්බාල්ගේ නිර්මාණ භාවිතයට ගත්හ. විද්‍යාර්ථයින් තම පර්යේෂණ නිර්මාණ විශාල ප්‍රමාණයක් සඳහා ඉක්බාලේ නිර්මාණ පාදක කරගෙන තිබීමත් මෙහි දී සිහිපත් කළ යුතුය.

ලේඛනයට පමණක් සීමා නොවු ඉක්බාල් ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයෙහි ‘කවිදෛ පොළිවු’ නමැති වැඩසටහන ද ඔහුගේ සංකල්පයක් යටතේ ආරම්භ කරනු ලැබිය. රූපවාහිනි ආයතනද විවිධ වැඩසටහන් සඳහා ඉක්බාල්ගේ සහය පැතූහ. තව ද අධ්‍යාපනවේදීයෙකු ලෙස පාසල් විෂය නිර්දේශ සකස් කිරීම සඳහා ද ඔහු තම දායකත්වය ලබා දුන්නේ ය. 
ඒ. ඉක්බාල් කවිදෛගල් 100 - ඉක්බාල්ගේ කවි 100 ක්
ඉක්බාල් තෝරාගනු ලැබු ගුරු වෘත්තිය ඔහුට ලේඛනයෙහි යෙදීමටත්, පොතපත කියවීමටත් අවශ්‍ය වේලාවක් වෙන් කර ගැනීමේ හැකියා ලැබුණි. තමන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට ඔහුගේ පියවර ගත්තේ ය. ගුරු වෘත්තියට අමතරව සංවාද, කවි මඩු, ප්‍රවීණ සාහිත්‍යවේදීන් හමුවීම ඔහු දෛනික රාජකාරියක් කරගෙන සිටියේ ය. තව ද සාහිත්‍ය කෙරෙහි ඇල්මක් සහිත සිසුන් සොයා ඔවුන් දිරිමත් කිරීමටත්, අවශ්‍ය දැනුම ලබා දීමටත් ඉක්බාල් කටයුතු කළේ ය. 

අවුරුදු 80ක ආයු කාලයක් හිමිකරගෙන සිටි ඔහු 2017 වසරේ අගෝස්තු මස 04 වනදා මෙලොවින් සදහට ම සමුගත්තේ ය.